Friday, March 29, 2024

General line - 0115112241

බැදුම්කර වංචාවක් සිදු වූ බව එජාපයේ පිරිසකුත් පිළිගෙන ඇති බව මහින්ද කියයි




වත්මන් ආණ්ඩුව යටතේ බැදුම්කර වංචාවක් සිදු වූ බව එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් පිළිගන්නා තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නුවරඑළිය නගරයේදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද  පෙරවරුවේ නුවරඑළිය වලපනේ මන්දාරම් නුවර ප්‍රදේශයේ සංචාරයකටද එක් වුණා. එහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සිය කණ්ඩායම සූදානම් බවයි.