Thursday, April 18, 2024

General line - 0115112241

119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹේ

සමන්ත කුමාර




119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ ඇමතුම් ඒකකයභාර ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ඒ ජයතිලකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාෂයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි අමිත් ගුණරත්නටයි.

පෙරේදා දහවල් සිදුවූ මෙම පහර දීමෙන් පසුව කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ ජයතිලක ඊයේම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ ජයතිලක විසින් මරණ තර්ජන එල්ල කළ බවට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිරිහාන පොලීසියට පැමිණිලිකර ඇති බවයි.

එම පැමිණිලි සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළා.