Wednesday, May 22, 2019
Hotline - 0770586666

මහේලගෙන් මාලිංගට දඬුවම් - කිරන් පොලාර්ඩ්, යුවරාජ් සිංග්, ක්විංටන් ඩි කොක් සැමට එක හැන්දෙන් බෙදයි

සමන්ත කුමාර/දිනුක් හේවාවිතාරණ/කසුන් කැළුම්

20350Views

 

 

 

නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසි නොසිටිමේ චෝදනාවට වැරදිකරු විම හේතුවෙන් ශ‍්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දඬුවමක් පනවා තිබෙනවා. 

ඒ, ‘‘ඉමෝජි කලිසමක්” හෙවත් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇඳීමට සැලැස්වීමෙන්. මෙවර ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංග ඇතුළු තවත් ක‍්‍රිඩකයින් කිහිපදෙනෙකුට ඊයේ දිනය පුරා මෙම ”ඉමෝජි ජයාරූප සටහන්ව තිබෙන කලිසම්” ඇද සිටිමට සිදුව ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ සටහන්ව ඇත්තේ.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන මහේල ජයවර්ධන විසින් පසුගිය වසරේ සිට මෙම ”ඉමෝජි කලිසම” ඇදිමේ දඩුවම හදුන්වා දුන්නා. ඒ, නියමිත වේලාවට කටයුතු කිරිමේ යහපත් පුරුද්ද ඇති කිරිමේ අරමුණ පෙරදැරි කරගෙනයි. ඊට අමතරව කණ්ඩායම තුළ සිදු කෙරෙන තවත් වැරදි කිහිපයක් නිවැරදි කිරීමට ද එම දඬුවම කි‍්‍රයාත්මක වනවා.

මීට පෙර පසුගිය වසරේ තරගාවලිය අතරවාරයේදි මුම්බායි ඉන්ඩියන්ස් නායක රෝහිත් ෂර්මාට පවා මෙම දඩුවමට යටත්විමට සිදුවුණා. කණ්ඩායම් රැස්වීමට ප‍්‍රමාද වී සහභාගි වූ යුවරාජ් සිංට, කණ්ඩායමේ වැඩසටහනක් සදහා කල්වේලා ඇතුව සහභාගි නොවු කිරාන් පෝලාර්ඞ් සහ කුවින්ටන් ඩි කොක් ඇතුළු මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් කිහිප දෙනෙකුටම එම දඩුවමට යටත්විමට ඊයේ දිනයේ සිදුවු බවයි වාර්තා වන්නේ.