Thursday, April 18, 2024

General line - 0115112241

මෙවර ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම පිළිබඳ ලාරාගෙන් අනාවැකියක්

සමන්ත කුමාර




මෙවර කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් සතු බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ‍්‍රයන් ලාරා පවසනවා. 

ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡුාවකට එක්වෙමින් ලාරා පැවසුවේ, එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම නියත වශයෙන්ම ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති බවයි. 

එම කණ්ඩායම් දෙකම සමබර කණ්ඩායම් 02ක් බවත්, කී‍්‍රඩක දක්ෂතා ඉහළ මට්ටමක පවතින බවත්, බ‍්‍රයන් ලාරා පෙන්වා දී තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද, වෙනසක් කළ හැකි කණ්ඩායමක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.