Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

කසුන් කැලුම්




චීනයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩිලන්ක ඉසුරු කුමාර අද සමත් වුණා. ඒ, කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන්. ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 135 ක් මෙහිදී එසවීමට ඩිලන්ක ඉසුරු කුමාර සමත් වුණා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ආසියානු තරගාවලියක ජේ්‍යෂ්ඨ අංශයෙන් දිනාගත් පළමු පදක්කමද මෙය වනවා. ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එළඹෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසින්.