Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ තොතුරු තාක්ෂණ අමාත්‍යාංශයට ත්‍රස්ත ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරය එරට තොතුරු තාක්ෂණ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලට එල්ල වෙමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තලෙයිබාන් සටන්කාමින් සහ ඇෆ්ගනිස්ථාන රජය සමග පැවති සාකච්ජා ඊයේ දිනයේදී බිඳ වැටීමෙන් පසුව මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවට තලෙයිබාන් සටන්කාමින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ පැවසුවේ ප්‍රහාරය සදහා ත්‍රස්තවාදීන් තිදෙනෙක් පැමිණ ඇති බවත් ප්‍රහාරය එල්ල කිරීමට පෙර තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට තිබු ආරක්ෂිත බැම්ම පුපුරණ ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් පුපුරුවා හැර ඇති බවයි. 

මේ අතර ආරක්ෂක අංශ විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් එක් ත්‍රස්තවාදියෙක් මියගොස් ඇති බවත් එක් අයෙක් තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල තුලට ඇතුල්වූ බවට තොරතුරු ලැබී ඇති බව BBC පුවත් සේවය සඳහන් කර සිටියි.