Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6ක් අද ආසියානු ශූරතා තරග බිමට

කසුන් කැළුම්




කටාර්හිදී 23 වන ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද (21) ආරම්භ වනවා. රටවල් 63 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 15 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.

මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මීටර් 800 ආසියානු රන් පදක්කම්ලාභි නිමාලි ලියනාරච්චි. අද ආරම්භ වන ආසියානු මළල කී‍්‍රඩා ශූරතා තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සූදානම පිළිබද ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සජිත් ජයලාල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙවර තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා උණුසුම් තරගාවලියක් වෙනු ඇති බවයි. 

මේ අතර අද දිනයේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6 දෙනෙකු ආසියානු ශූරතා තරග බිමට පිවිසෙනවා. නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න, මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරග සඳහා අද එක්වීමට නියමිතයි.

එම තරග ඉසව් මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වනවා. රුසිරු චතුරංග සහභාගි වන මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය අද පෙරවරු 11.15 ට පැවැත්වෙනවා.

ගේ‍්‍රෂාන් ධනංජය සහභාගි වන පිරිමි තුන්පිම්මේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටය සහ නදීෂා රාමනායක සහභාගි වන මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයද අද පෙරවරුවේ පැවැත්වෙනවා.

මේ අතර අජිත් පේ‍්‍රමකුමාර සහභාගි වන මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ මූලික තරගය අද දහවල් 12.05 ට ආරම්භවීමට නියමිතයි. ශී‍්‍ර ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වන හිමාෂ හේෂාන් සහභාගි වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද රාතී‍්‍ර 8.56 ට ආරම්භ වනවා.