Thursday, April 18, 2024

General line - 0115112241

පිපිරිම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 207 දක්වා ඉහළට (UPDATE)

දිනුක් හේවාවිතාරණ




දිවයිනේ ස්ථාන 08ක සිදුවු පිපිරිම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 207 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංච් මාර්ග සදහන් කරනවා.

කොළඹ ජාතික රෝහලේ මේ වන විට මියගිය පුද්ගලයින් 66 දෙනෙක්, මිගමුව රෝහලේ පුද්ගලයින් 104ක්, කළුබෝවිල රෝහලේ පුද්ගලයින් දෙදෙනෙක්, මඩකලපුව රෝහලේ පුද්ගලයින් 28 දෙනෙක් සහ රාගම රෝහලේ පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටියේ.

කොළඹ, කටාන, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථාන, සංචාරක හෝටල් සහ ස්ථාන කිහිපයකදි සිදුවු මෙම පිපිරිම් හේතුවෙන් පුද්ගලයින් 450කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

තුවාල ලබා සිටින රෝගීන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර මේ වන විට ලබා දෙමින් සිටින බවයි එම රෝහල් ප්‍රකාශකයින් සදහන් කර සිටියේ.

..........................

පිපිරීම් වලින් 150 කට අධික පිරිසක් මරුට : 500 කට ආසන්න පිරිසක් තුවාලයි 

(21-04-2019 12:49)

කොළඹ නගරයේ, මිගමුව කටුපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයින් 150 කට අධික පිරිසක් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටියේ පිපිරීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් 49 දෙනෙකුගේ සිරුරු තැන්පත් කර ඇති බවයි. මිගමුව කටුපිටිය දේවස්ථානයේ ඇතිවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් 68 දෙනෙකු බව මිගමුව රෝහල සඳහන් කළා.

මේ අතර මඩකලපුව රෝහල් ආරංවි මාර්ග සදහන් කරන්නේ එහි පුද්ගලයින් 25 දෙනෙකුගේ සිරුරු තැන්පත් කර ඇති බවයි.

රාගම රෝහලේ මළ සිරුරු 07 ක්ද තුවාල ලැබුවෝ 04 ක් ද සිටින  බවද වාර්තා වෙනවා.

මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් 500 කට  ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ කොළඹ ජාතික රෝහලේ පුද්ගලයින් 251ක්, මිගමුව රෝහලේ පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් සහ මඩකලපුව රෝහලේ පුද්ගලයින් 75 ක් ලෙසයි.

මේ අතර පිපිරීම් සිදුවූ කොළඹ කොච්චිකඩේ දේවස්ථානය සහ ෂැංග්‍රිලා හෝටලය නිරීක්ෂණය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සහ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ පැමිණයා. 

මෙහිදී අපරාධ සිදුවු ස්ථාන නිරීක්ෂණ කිරිමෙන් අනතුරුව පොලිසියට නියෝග කරනු ලැබුවේ මියගිය පුද්ගලයින් ගේ මරණ පරීක්ෂණ සිදුකර එම වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර ඇත.