Thursday, March 28, 2024

General line - 0115112241

දෙහිවල පිපිරීමෙන් දෙදෙනෙක් මරුට




දෙහිවල සත්ව උද්‍යානය ආසන්නයේ ලැඟුම් හළක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එම පිපිරීමෙන් මියගොස් ඇති බවයි.

....................................................

දෙහිවලත් පිපිරිමක් 

(21-04-2019 14:05)

දෙහිවල සත්ව උද්‍යානය අසල පිහිටි ලැඟුම් හලක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා. පිපිරීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම පිපිරීමත් සමග මේ වන විට දිවයිනේ මේ දක්වා පිපිරීම් 07ක් සිදුව ඇත.