Friday, April 19, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නිතිය දැන් සිට ක්‍රියාත්මකයි




පොලිස්පති පුජිත ජයසුන්දර ගේ නියෝගය පරිදි දිවයින පුරා බල පැවැත්වෙන පරිදි මේ මොහොතේ සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියි.

............................................................

අද පස්වරු 6 සිට දිවයින පුරා ඇඳිරි නිතිය පැනවේ  

(21-04-2019 14:50)

අද පස්වරු 6 සිට හෙට (21) උදැසන 6 දක්වා බල පැවත්වෙන පරිදි දිවයින පුරා පොලිස්  ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. 

රටේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇති අතර රටේ ප්‍රධාන මර්මස්ථාන සහ ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න නිවේදනයක් නිකුත් කර සිටියි.