Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රහාරයන්ට වගකිවයුත්තන්ට එරෙහිව එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නවා - අගමැති

දිනුක් හේවාවිතාරණ




සිදුව ඇති ප්‍රහාරයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින බවත් එයට වගකිවයුතු පුද්ගලයින් කවුරුන් වුවත් තරාතිරම නොබලා පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

දිවයිනේ ආගමික ස්ථාන කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා කියා සිටියා.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ ඇමතිවරුන් සමග සාකච්ජා පැවැත්වූ බවයි අගමැතිවරයා මෙහිදී කියා සිටියේ.