Saturday, April 20, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කල් තියා බුද්ධි අංශ අනතුරු අඟවලා




ශ්‍රී ලංකාවේ අද (21) සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර විසින් මිට දින 11කට පෙර රටේ ඉහළ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවට ප්‍රංශ පුවත් සේවය වාර්තා කර සිටිනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් රටේ ප්‍රසිද්ධ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු පදනම් කර ගෙනයි.

විදේශ බුද්ධි අංශයක් විසින් ජාතික තවුහිත් ජමාද් (National Thawheeth Jama'ath) නම් අන්තවාදී කණ්ඩායමක් විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට වන තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

පසුගිය දෙසැම්බර් මාසයේදී මාවනැල්ල ප්‍රදේශයේදී බෞද්ධ ප්‍රතිමා කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පසුපසද සිටියේ මෙම තවුහිත් ජමාද් නම් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම බවට තොරතුරු හෙළිවී තිබුනා.