Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික ඛේදවාචකය ගැන සොයන්න ජනපති නියමයෙන් කමිටුවක්




අද (21) සිදු වූ ජාතික ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුළත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න සඳහන් කළේ එම පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුද ඇතුළත් බවයි.

අදාළ සිද්ධින්වල පසුබිම සහ ඊට අදාළ වෙනත් සාධක සොයා බලා සති දෙකක් ඇතුළත එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දීමට මෙහිදී නියමිතව ඇති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.