Tuesday, April 23, 2024

General line - 0115112241

රාත්‍රී 08 සිට පොලිස් ඇඳිරි නීතිය - මැදියම් රැයේ සිට හදිසි නීතිය




අද (22) රාත්‍රී 08 සිට හෙට (23) අලුයම 04 දක්වා නැවත පොලිස් ඇඳිරි නීතිය පැනවෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අදහසින් සහ විමර්ශන සඳහා පහසුවක් ලෙස මෙලෙස පොලිස් ඇඳීරි නීතිය පනවන බවයි රජය පැවසුවේ. 

පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවකදී රැස්වීම් පැවැත්වීම, කණ්ඩායම් ලෙස එකතු වී සිටීම හෝ සාධාරණ හේතුවක් නොමැතිව ගමනාගමනයේ යෙදීම තහනම් වනවා. අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් පොලීසියෙන් ලබා ගන්නා විශේෂ අවසරයක් මත ගමනාගමනයේ යෙදිය හැකියි.  

මේ අතර ත්‍රස්තවාදය මර්ධනයට අදාළ වගන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කෙරෙනවා. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසියටත්, ත්‍රිවිධ හමුදාවටත් බලය ලබා දීම සඳහා මෙම පියවර ගන්නා බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.