Friday, March 29, 2024

General line - 0115112241

බුද්ධි අංශ ශක්තිමත් කරන්න : අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලයි

හර්ෂිකා සංජීවනී




කොළඹ අගරදගුරු ගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ඊයේ සිදුවූ පිපිරවීම් පිළිබඳ අද (22) යළිත් මාධ්‍ය වෙත අදහස් පළ කළා. 

අපි දන්නේ නැහැ මේ පිටුපස ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. මේ සිදුවීම් පිටුපස ඔය කියන තරුණ උදවියට කණ්ඩායමට වඩා පසු පසින් සිටින අය කුමන ජාතියකට අයත්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. අපි සිදුවූ දේ ඉවසා ගෙන ඉතා ගෞරවණිය ලෙස සිටිය යුතුයි, කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී කියා සිටියා.

මේ ආකාරයේ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට කලින් තොරතුරු ලැබී තිබියදීත් ඒ පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම පිළිබඳව ද තමන්ට සැකයක් පවතින බවද, කාදිනල් හිමිපාණන් මෙහිදී කියා සිටියා. 

මේක වලක්වන්නට තිබුන දෙයක් කියලා දැන ගත්තම අපේ අත් දෙක ඔලුවේ ගහ ගත්තා. ඉතින් මෙහෙම දැනගෙනත් ඇයි මේ දේ වලක්වන්න කටයුතු නොකළේ කියලා මා තුල ලොකු සැකයක් වේදනාවක් ඇතිවුනා ඇයි අපිට මෙහෙම කළේ කියලා. මම රජයෙන් ඉල්ලා සිටිනවා බුද්ධි අංශ ශක්තිමත් කරන්න කියලා.  

ඊයේ සිදුවූ පිපිරවීම් වලින් හානිය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා සර්ව ආගමික නායකයින් ද අද කාදිනල් හිමිපාණන් බැහැදුටුවා. ජනාධිපතිවරයා ද අද කාදිනල් හිමිපාණන් බැහැ දැක තිබෙනවා.