Friday, April 19, 2024

General line - 0115112241

ආරක්ෂක මණ්ඩලයේදී යුද හමුදාපති 'බලය දෙන්නැයි' ඉල්ලයි

හේමන්ත කහවලගේ




ති‍්‍රවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ ඒකාබද්ධ කර බුද්ධි සේවා තවත් ශක්තිමත් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක මණ්ඩලයේදී ඉල්ලීමක් කර තිබෙනවා.

බුද්ධි අංශ වෙන වෙනම කි‍්‍රයාත්මක වීම නිසා ඇතැම් තොරතුරු එම එක් එක් බුද්ධි අංශ අතර හුවමාරු වීම වේගයෙන් සිදු නොවන බවයි යුද හමුදාපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

රටේ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාවන් කි‍්‍රයාකරන අකාරය පිළිබඳව විමසිල්ලෙන් බලා සිටින බවද යුද හමුදාපතිවරයා සිහිපත් කර තිබෙනවා. ඒ අනුව මහජන ආරක්ෂක පණත යටතේ පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා හමුදාවන්ට බලය ලබා දෙන්නැයිද යුද හමුදාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

සිදුවු පිපිරවීම් හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් ජාලයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා කි‍්‍රයාත්මක වන ලෙසද යුද හමුදාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් තවත් ඉල්ලීමක් කර තිබෙනවා. 

මේ අතර රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ පෙරේදා (21) සිදුවු පිපිරවීම් සම්බන්ධයෙන් තමන් වෙත ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි. ප‍්‍රභූ ඝාතන සිදුවීමට පැවති අවධානම පිළිබඳ ප‍්‍රභූවරුන්ගේ ආරක්ෂක ප‍්‍රධානීන් වෙත දැනුම් දුන් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් මෙම තොරතුරු ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දීමට නොහැකි වු බවයි රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.