Wednesday, April 24, 2024

General line - 0115112241

සමාවක් නැති බව පෙන්වමින් ත්‍රස්තවාදයට සම්බන්ධවුවන්ට සවුදිය දුන් දඬුවම

දිනුක් හේවාවිතාරණ




ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් 37 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සවුදි අරාබිය ඊයේ (23) පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙලෙස මරණ දඬුවමට යටත් කර ඇත්තේ සවුදී අරාබි ජාතිකයින් වීමද විශේෂත්වයක්.

මෙම ත්‍රස්තවාදීන් විසින් එරට ආරක්ෂක අංශ මුරපොළවල් වෙත ප්‍රහාර එල්ල කිරීම, ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය ඇටවූ බෝම්බ භාවිත කිරීම සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසකගේ ජිවිත හානි සිදුකිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව සිදුකරන ලද නඩු විභාග වලින් අනතුරුව මරණ දඬුවම නියම කර ඇති අතර ඊයේ දින දහවල් සවුදියේ රියාද් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකදී මෙම ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබාදී තිබෙනවා. මෙම ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙන් හා වෙඩි තැබීමෙන් මරා දමන්නට ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මරණ දඬුවමට යටත් කරනු ලැබූ ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ සිරුරූ රියාද් අගනුවරට ආසන්න ස්ථානයක දොඹකරයක ආධාරයෙන් ඉහළට ඔසවා මහ ජනතාවට ප්‍රදර්ශනය වන අයුරින් තබා තිබු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2019 වසරේ මේ දක්වා විවිධ අපරාධ සම්බන්ධයෙන් වූ චෝදනා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම ලබාදී ඇති බව සඳහන්.