Thursday, March 28, 2024

General line - 0115112241

'තත්ත්වය පාලනය කිරීමට මුස්ලිම් ජනතාවගේ සහය අත්‍යවශ්‍යයි'



රටේ පවතින වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා මුස්ලිම් ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. එසේ නොවුණහොත් ඔවුන්ට ද ඉදිරියේ දී විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ප‍්‍රහාරයට තිබූ විදේශීය බලපෑම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.