Wednesday, April 24, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා රජය දුර්වල අයුරින් කටයුතු කර ඇති බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය කියයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය දුර්වල අයුරින් කටයුතු කර ඇති  බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා.

බුද්ධි අංශ මගින් පූර්ව අනතුර ඇගවීම් නිකුත් වී තිබුණ ද ප‍්‍රහාරයන් වළක්වා ගැනීම සඳහා රජය ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දිය බුද්ධි අංශ පවා තොරතුරු දැනුම් දි තිබූ නමුත් රජය ඒවා නොසැලකා හැර ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.