Tuesday, April 23, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියටපත් කොචිච්කඬේ දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු ඇරඹේ (PHOTOS)




ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියටපත් වු කොටහේන කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදායේ මූලිකත්වයෙන් අද (27) ආරම්භ කෙරුණා. නාවික හමුදා නිලධාරින් සහ නාවිකයින් 100 කට අධික පිරිසක් එම කටයුතු සඳහා එක්වූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. 

මෙහි ප්‍රථම අදියර යටතේ සුන්බුන් ඉවත් කිරීම සහ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන්ගේ බඩු භාහිරාදිය වල කොටස් ඉවත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. ශාන්ත අන්තෝනි දේවස්ථානය සම්පුර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදා සෝදා පිරිසිදු කිරීම් සිදු කෙරුණේ නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථවල ද ආධාරයෙන්.