Thursday, March 28, 2024

General line - 0115112241

මෛත්‍රි - රනිල් - මහින්ද අගරදගුරු නිවසේදී සාකච්ඡා (PHOTOS)

හේමන්ත කහවලගේ




රටම කම්පනයට පත් කරමින් ස්ථාන 08ක පිපිරිම් සිදුව අදට (28) සතියක් වනවා.

පාස්කු ඉරිදා දිනය යෙදී තිබු පසුගිය 21 වැනිදා උදෑසන 08.45ත් උදෑසන 9.30ත් අතර කාලයේදි කොටහේන - කොච්චිකඬේ පල්ලිය, මීගමුව - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනක් එල්ල කෙරුණා.

එමෙන්ම කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ කොල්ලූපිටිය සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කරගනිමින්ද  ත්‍රස්තවාදින් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඊට සමගාමීවයි. 

මේ අතර අද දිනයේ විශේෂ සාකච්ඡාවක් සහ විශේෂ දේව මෙහෙය සඳහා සහභාගී වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු නිවස වෙත පැමිණ සිටියා.