Tuesday, April 16, 2024

General line - 0115112241

යාපනයේ නිවසකින් භූගත බංකරයක් හමුවේ (PHOTOS)




යාපනයේ මුස්ලිම් වැසියන් වෙසෙන නාවන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් තෙමහල් නිවසක තනා තිබු භූගත බංකරයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (28) සමත්ව තිබෙනවා.   

මෙම බංකරය හා  නව නිවස ඉදි වී ඇත්තේ යුද සමයෙන් පසුව නිසා එම නිවැසියන්ට එවැනි බංකරයක් අවශ්‍ය වූයේ මන්ද යන්න පැහැදිලිව විස්තර කිරීමට නිවැසියන් අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිවස තුළ මුස්ලිම් හා දෙමළ පවුල් ජීවත් වන බව යාපනයේ ආරක්ෂක අංශ පවසා සිටින අතර යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය  නිවැසියන්ගෙන් මේ පිළිබදව වැඩිදුර ප්‍රශ්න කිරීම සිදුකර ගෙන යන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.