Friday, March 29, 2024

General line - 0115112241

"ලංකාවේ ජනතාවගේ වේදනාව හා සසඳන විට මගේ වේදනාව ඉතා සුළු එකක්"

කසුන් කැළුම්




ජර්මනියේ පැවති මැරතන් තරගයේදී, ශ‍්‍රී ලංකාව නියෝජනය කළ හිරුණි විජයරත්න,  නව දකුණු ආසියානු වාර්තාවක් බිහි කළා.

ඒ, පැය 2යි විනාඩි 34යි තත්පරයක කාලයක් වාර්තා කරමින්.

ඒ අනුව හිරුණි විජයරත්නට 2019 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද හැකි වුණා. 

අමෙරිකාවේ ජීවත් වන ඇය සිය ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී හිරුණි ප‍්‍රකාශ කළේ තමා මෙම තරගයට සහභාගී වුණේ ආබාධයක් හේතුවෙන් ඇති වූ වේදනාව ද සමගින් බවයි. එය ඉකුත් සතියේ ශ‍්‍රී ලංකාවේ ජනතාව මුහුණ දුන් වේදනාව හා සසඳන විට ඉතා සුළු බවද මළල ක‍්‍රීඩිකා හිරුණි විජයරත්න ප‍්‍රකාශ කළා.