Friday, March 29, 2024

General line - 0115112241

"පාලකයින් දැන් හෝ සත්‍ය අවබෝධ කරගත යුතුයි"



රට හමුවේ ඇති සියළු අභියෝග ජය ගැනීමට නම් සියළු පාර්ශ්ව එක්විය යුතු බව සමාජ හා සාමය කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමා පවසනවා. ඊයේ (29) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමන් මේ බව සඳහන් කළා.   

දැන් හෝ රටේ පාලකයින් සත්‍යය අවබෝධ කරගෙන රටේ ජනතාව පත්ව ඇති පීඩාවලින් මුදා ගැනීමට කටයුතු කළයුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.

මේ අතර අද (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සිටි ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේයි. මෙම වැඩසටහන රාති‍්‍ර 7.30 සිට නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීවීව ප‍්‍රචාරය කෙරෙනවා.