Friday, March 29, 2024

General line - 0115112241

ලංකාවට ආදරය කරන රුසියානු සංචාරකයින් 52ක් කටුනායකට (PHOTOS)

ටී.කේ.ජී කපිල - කටුනායක





පාස්කු ඉරිදා ඇති වූ සිදුවීම් මාලාවත් සමග ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් මන්දගාමී වී ඇති මෙවන් පසුබිමක රුසියානු සංචාරකයන් 52  කගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මොවුන් රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි , රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.- 6265 දරන ගුවන් යානයෙන් පැමිණ තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ සංචාරකයන් පිරිස කියා සිටියේ, වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව, සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ස්ථාන රැසක් නැරඹීමට යෑමට සැළසුම් කර තිබෙනවා.