Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ හමුදා ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

හේමන්ත කහවලගේ




ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දී එරට ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ඉලක්ක කර අද බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. සිද්ධියෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිනයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් ගමන්ගත් වාහනය ඉලක්ක කරගෙනයි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මවෝවාදී කැරළිකරුවන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පළ වී තිබෙනවා. ප්‍රහාරයට සමගාමීව ඔවුන් රථ වාහන 25කට ද ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ මාවෝවාදීන් ඉලක්ක කර ඉන්දීය හමුදාව දැවැන්ත මෙහෙයුමක් දියත් කළා. ඉන් කැරළිකරුවන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සැක කෙරෙන්නේ.