Friday, March 29, 2024

General line - 0115112241

ආරක්ෂාවේ තියුණු ඇස (PHOTOS)

මාධව කුලසූරිය




සැකකටයුතු පිරිස්, බෝම්බ හා ආයුධ පවතින බවට වන සැකයන් හේතුවෙන් තව දුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සෝදිසි කිරීම් සිදු වනවා.

වවුනියාව ආරක්ෂක අංශ විසින් ඊයේ (01) වවුනියාව හිජ්රාපුර හා අරබානගර් ප්‍රදේශයේ දැඩි සෝදිසි කිරීම් සිදුකරනු ලැබුවා.

යුධ හමුදා නිළධාරීන්, පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් එක්ව අදාළ ප්‍රදේශයේ සෝදිසි කිරීම් සිදුකළේ ලැබෙන තොරතුරුවලට අනුවයි.

බෝම්බ සෙවී‍මේ පුහුණුවීම් ලද පොලිස් නිල සුනඛයින්ද අදාළ  ප්‍රදේශයේ සෝදිසි කිරීම් කටයුතු වෙනුවෙන් යොදාගෙන සිටි ආකාරය දැක ගැනීමට හැකිවුණා.