Friday, April 19, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව ගැන ICC සමගත් සාකච්ඡා කරයි




ලෝක කුසාලන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ක‍්‍රිකට් කණ්ඩායමට දැනට ලබාදෙන ආරක්ෂාවට අමතරව අතිරේක ආරක්ෂාවක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි. මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී සහ වේල්සයේදී ආරම්භ වනවා.