Friday, March 29, 2024

General line - 0115112241

"රට තුළ පැවති අයහපත් තත්ත්වය නිසා පුහුණුවීම් සිදු කිරීමට නොහැකි වුනා" දිමුත් කරුණාරත්නගෙන් ප්‍රකාශයක්

සමීර ගොඩපිටිය




රට තුළ පැවති තත්ත්වය හමුවේ සැලසුම් කළ පරිදි සිය පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාව නොලැබුණු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ පුහුණුවීම් සිදුකර කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නංවා ගැනීමට අපේක්‍ෂා කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල ඇදුම එළිදැක්වීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙවර සකසා ඇති නිල ඇදුම පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.