Friday, March 29, 2024

General line - 0115112241

නව දිල්ලි මහ ඇමතිවරයාට මහ මගදී ප්‍රහාරයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ




මැතිවරණයට ඉදිරිපත්වී සිටින සිය පක්ෂයේ අපේක්ෂකයෙකුට සහය පළකිරීමේ ප්‍රචාරක රැළියකට සහභාගිවී සිටි ඉන්දියාවේ, නව දිල්ලිහි  මහ ඇමතිවරයා වන අරවින්ද් කේජිරිවාල් හට තරුණයෙකු පහරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයා සමග ජීප් රථයක නැගී සිටි මහ ඇමතිවරයා ආධාරකරුවන් හට ආචාර කරමින් සිටියදී එක්වර පිරිස අතරින් මතුවූ රතු කමිසයක් හැඳී තරුණයෙකු මහ ඇමතිවරයාගේ මුහුණට පහරක් එල්ල කරන අයුරු වීඩියෝ වී ඇත.

මෙලෙස පහරදුන් පුද්ගලයා 33 හැවිරිදි වියේ පසුවන වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙක් බවත් ඔහු එසේ පහරදීමට හේතුව කුමක්ද යන්න මේ දක්වා හෙළිවී නැත. මේ වන විට ඔහු පොලිසිය භාරයේ පසුවන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මහ ඇමතිවරයාට පහරදීමේ වීඩියෝව පහතින් :