Saturday, April 20, 2024

General line - 0115112241

සහරාන්ගේ පුහුණු කඳවුර ඔල්ලිකුලම් හිදී සොයා ගැනේ (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් විසින් පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේදි සිදු කරන ලද මෙහෙයුමකදි මෙම නිවස සොයා ගැනිම සමත්වි ඇත. සිව් මහලකින් යුත් මෙම නිවස උඩ වතුර ටැංකියක් තබා ඇති අතර එම ස්ථානයේ සිට අවට ප්‍රදේශය හොදින් නිරීක්ෂණය කිරිමට හැකිවන ලෙස සකස් කර ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

අවට ගම්වැසියන් නොමග යැවිම සදහා මේම ස්ථානය ගොවිපලක් පවත්වා ගෙන යන ලෙසට සකස් කර තිබු අතර සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් ගේ අතේ ඇගිලි සහ ඇසක් තුවාල වි ඇත්තේ මෙම ස්ථානයේ බෝම්බයක් හදන විට පුපුරා යෑමෙන් බවයි ආරක්ෂක අංශ විශ්වාශ කරන්නේ. එම ස්ථානයේ තිබි බෝම්බ සකස් කිරිමට ගත් එස්ලොන් බට තුනක් ද සොයා ගැනිමට හැකිවිය. තාප්ප පිපිරිවිමට මෙම එස් ලොන් බට යොදා බෝම්බ සකස් කරන බවද ආරක්ෂක අංශ සදහන් කරයි. පසුගිය දිනෙක කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂිත වැටක් අසල තිබි මෙවැනි බෝම්බයක් තිබී හමුවිය.

මෙම ඉඩමේ සිටි පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.