Thursday, April 18, 2024

General line - 0115112241

ජීවිත රැසක් බිලි ගනිමින් ගිනි ගෙන දැවෙන මගී ගුවන් යානය නියමුවා ගොඩබෑ හැටි (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ




රුසියාවේ මොස්කව් හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබැමක් සිදුකළ ගුවන් යානයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එහි ගමන් කල මගින් 41 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර ගුවන් සේවිකාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි.

මෙම ගිනි ගැනීමට ලක්වූ ගුවන් යානය තුල මගින් 78 දෙනෙක් සහ කාර්ය මණ්ඩයේ පස් දෙනෙක් සිටිය බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු මේ වන විට රෝහල් ගතව සිටින අතර එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටින්නේ.

රුසියාවේ ජාතික ගුවන් සේවයට අයත් Aeroflot සමාගම නිවේදනය කර සිටියේ සිය ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය යලි ගුවන් තොටුපළට හරවා ඒමට සිදුවූ බවයි.

ගුවන් ගතවී සුළු මොහොතකින් ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව කාර්ය මණ්ඩලය විසින් මගින් දැනුවත් කර ඇති අතර යානය ආපසු හරවා ගුවන් තොටුපළට ගොඩබැමේදී එකවර එහි එන්ජිම ගිනිගෙන ඇත. 

මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ යානය "ගිනි බෝලයක්" ලෙස දර්ශණය වූ බවත් එහි සිටි එක් මගියෙකු හෝ නිරුපද්‍රිතව බේරීම සැබවින්ම හාස්කමක් බවයි.