Wednesday, April 24, 2024

General line - 0115112241

දිවයින පුරා පාසල්වල තත්ත්වය මෙන්න (PHOTOS)

කාංචන කුමාර/උපේන්ද්‍ර සේරසිංහ/සනත් ගමගේ/රංජිත් රාජපක්ෂ/රොමේෂ් මධුෂංක/පාලිත ආරියවංශ




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමුණු මේ වසරේ දෙවන පාසල් වාරය අද (06) ආරම්භ වුවත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ළමුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පැවතුණු බව වාර්තා වෙනවා.

අද දින පාසල් ආරම්භ කෙරුණේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේයි. 

අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කිරීම සිදු වනවා. ඒ යටතේ අද පාසල් ආරම්භ කෙරෙන්නේ 6 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහායි. 

ඌව පළාත් නගර බද පාසල්වල සිසුන්ගේ පැමිණීම 2% සිට 6%ක් දක්වා පැවති අතර ගම්බද පාසල්වල ළමයින්ගේ පැමිණීම 10% සිට 20% දක්වා පැවැති බවයි වාර්තා වුණේ.

දඹුල්ල ප්‍රදේශයේ පාසල් රැසක දරුවන්ගේ පැමිණීම ද විශාල වශයෙන් අඩුවක් පවති බවයි විදුහල්පතිවරුන් පවසන්නේ.

 

 

හම්බන්තොට රජයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීම අද දිනයේ ඉතාම දුර්වල මට්ටමක පැවැති බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

 

 

මේ අතර වතුකරයේ පාසල්වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බවයි එම පාසල්වල විදුහල්පතිවරුන් පවසන්නේ.

 

 

කුලියාපිටිය නගරයේ පාසල්වල දරුවන්ගේ පැමිණීම ද ඉතා පහළ මට්ටමක පවතින බවයි වාර්තා වුණේ. බොහෝ දරුවන් අද දිනයේ දෙමාපියන් සමග පාසල් වෙත පැමිණ සිටි අතර පාසල්වල දරුවන්ගේ අඩුව දැක යළි දරුවන් නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වුණා.

 

 

මේ අතර  උතුරේ  පාසල්ද අද දිනයේ පූර්ණ ආරක්ෂාවක් යටතේ ආරම්භ කර තිබූ අතර දරුවන්ගේ පැමිණීම එහිදී ද සැළකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා.