Thursday, April 25, 2024

General line - 0115112241

ආරක්ෂක කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව යනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි.

පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේද ආරක්ෂාව දැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා පිලේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් පරික්ෂවරු දෙදෙනෙක් ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක්ද ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග අද එංගලන්තය බලා පිටත්ව යනු ඇති.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජූනි මස පළමු වැනිදා කාඩිෆ් හිදි පැවැත්වෙනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර ශි‍්‍ර ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග දෙකකට සහභාගිවීමට නියමිතයි.