Saturday, April 20, 2024

General line - 0115112241

කලාවැව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු හසුවෙයි (PHOTOS)

කුෂාන් ජයවර්ධන




ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉපලෝගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලාවැව, විජිතපුර ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයෙක්.

ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයක තිබී ජෙලට් නයිට් කූරූ 243 ක්, වෙඩි බෙහෙත් කිලෝග‍්‍රෑම් දොලහමාරක්, ඩෙටනේටර් 145 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝග‍්‍රෑම් 36 කට වැඩි ප‍්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.