Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයත් වැට උඩ

තරංග රුක්ෂාන් ජයසේකර




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී නිශාමුදීන් චෞද්‍රි පවසන්නේ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක තත්ත්වය මීට හේතු වී ඇති බවයි. 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව එක්දින තරග 3 ක් සදහා බංග්ලාදේශ කණ්ඩායම ශී‍්‍ර ලංකාවට පැමිණීමටයි නියමිතව සිටියේ. ජූලි 25, 27 සහ 29 යන දිනවල තරග සැලසුම් කර තිබුණා.

බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ මෙම තරග පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවයි.

ඒ සම්බන්ධයෙන් සිය රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමගද ඒ පිළිබද සාකච්ඡුා කරන බවයි ඔහු පවසන්නේ. 

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් පකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයේ තරගද අවලංගු කෙරුණා. ඉකුත්දා නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවරට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම එම තරගාවලිය අතහැර දමා යළි සිය රටට පැමිණියා.