Friday, March 29, 2024

General line - 0115112241

"අද පවතින තත්ත්වය මුස්ලිම් සමාජයේ ඉරණම තීරණය කිරීමට තරම් බලපෑම් කළ හැකියි"




වර්තමානයේ පවතින අන්තවාදී කි‍්‍රයාකාරකම් මුස්ලිම් සමාජයේ ඉරණම තීරණය කිරීමට තරම් බලපෑම් කළ හැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එහිදී "සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමගියෙන් හිටියා..එල්.ටී.ටී.ඊ ය දෙමළ සමාජය බෙදුවා.. දැන් මුස්ලිම් සමාජයත් බෙදෙමින් අනතුරක් කරා ළඟා වෙමින් තිබෙනවා. මේක මුස්ලිම් සමාජය පැත්තෙන් ගත්තොත් ඔවුන්ගේ සමාජයේ ඉරණම තීරණය වන අවස්ථාවක්. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් දේශපාලනය මෙතනින් එහාට තීරණාත්මකව මේක කඩලා දැම්මේ නැත්නම් දෙමළ සමාජයට අත්වුණු ඛේදජනක ඉරණම මුස්ලිම් සමාජයටත් අත්වෙනවා. " යනුවෙන්ද සඳහන් කළා.

ඇතැම් පුද්ගලයින් බලහත්කාරයෙන් ඇති කර ගන්නා පුරුදු සංස්කෘතියටද බලපෑම් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.