Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට එරෙහි ටෙස්ට් ජයකට ශ‍්‍රී ලංකාව කඩුලු 2ක් පිටුපසින්




ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැලේදී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 8ක් දැවී ලකුණු 161ක් ලබාගෙන සිටියා.

තරගය ජයගැනීමට නම් ඔවුන් තවත් ලකුණු 107ක් ලබාගත යුතුයි. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ඉතිරි කඩුලු 2ක දවාගතහොත් තරගයේ ජය ශ‍්‍රී ලංකාවට හිමිවනවා.

කෙසේ වෙතත් අඳුරු කාලගුණය සහ වැසි අවදානම ද තරගයේ තීරණය කෙරෙහි බලපා හැකි තවත් සාධක දෙකක්. ඊයෙ (29) දිනයේ ද අඳුරු කාලගුණය හේතුවෙන් තරගය තේ පානයෙන් පසු නතර කෙරුණා. වර්ෂාව හේතුවෙන් අද (30) උදෑසන තරගය ආරම්භ වූයේ විනාඩි 45ක් ප‍්‍රමාදවයි.

මෙම තරගයේ පළමු ඉනිමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 117කට සියලූදෙනා දැවී ගියා. දෙවන ඉනිමේදී ඔවුන් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 353ක්. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 203ක් ලබාගත්තා.