Friday, May 24, 2019
Hotline - 0770586666

හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා හර්තාල් (PHOTOS)

අමදෝරු අමරජීව 

6245Views

 

 

 

එම් එල් ඒ එම් හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධුයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට උප නගර කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් සිදු කෙරෙනවා. එහි රාජ්‍ය ආයතන සහ බැංකුවලද අද (10) සේවකයන් පැමිණ සිටියේ අඩු පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

ත්‍රිකුණාමලය, කන්තලේ, සේරුනුවර හා තඹලගම යන නගරවල කඩ සාප්පු බොහෝමයක් වසා දාමා තිබෙනවා. මේ නිසා දෛනික ජන ජීවිතයටද බලපෑම් සිදුව  තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

එම් එල් ඒ එම් හිස්බුල්ලා ජාතිවාදයට හා ත්‍රස්තවාදයට සහය දක්වන බවට හර්තාලයට එක්ව සිටින්නන් චෝදනා කරනවා.