Thursday, March 28, 2024

General line - 0115112241

දෝනිගේ චෙන්නායි කණ්ඩායම අවසන් මහා තරගයට




ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. 

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 6 කින් ජය ගනිමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා. රිෂාබ් පාන්ට් පන්දු 25 කදි ලකුණු 38 යි. පන්දු යැවීමේදී ඩිවයින් බ‍්‍රාවෝ ලකුණු 19 කට කඩුළු 2 ක් දවා ගත් අතර රවීන්ද්‍ර ජඬේජා ලකුණු 23 කට කඩුළු 2 ක් බිද හෙළුවා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19කදී ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුළු 4 ක් පමණක් දැවී තිබියදීයි. ෂේන් වොට්සන් පන්දු 32 කදී ලකුණු 50 ක් රැස් කළ අතර ෆෆ් ඩූ ෆ්ලෙසිස් පන්දු 39 කදී ලකුණු 50 ක් රැස් කළා. 

ඒ අනුව 2019 අයි පී එල් අවසන් මහා තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. එම තරගය හයිද්‍රාබාද්හිදි හෙට පැවැත්වෙනවා.