Wednesday, April 24, 2024

General line - 0115112241

නාවික හමුදා වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය චාමර අසංක පිළිබඳ තවත් තොරතුරු හෙළිවේ

හේමන්ත කහවලගේ/ සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට වත්තල, හුණුපිටිය ප‍්‍රදේශයේදී අද අළුයම නාවික හමුදා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගියා.  අනෙක් මෝටර් රථයේ ගමන්ගත් රියදුරුද සුලූ තුවාල ලබා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි වත්තල ප‍්‍රදේශයේ පදිංචි චාමර අසංක රණසිංහ නමැත්තෙක්. පලායාමට උත්සාහ කළ අනෙක් මෝටර් රථයේ රියදුරු නීතිඥවරයෙකු බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. රටේ සහ මහජනතාවගේ ආරක්‍ෂාව සදහා ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය විසින් ගෙනයන වැඩපිළිවෙලට මහජනතාව සහාය ලබාදිය යුතු බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා යළි අවධාරණය කළේ.

හදිසි නීතිය යටතේ බීමත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට ති‍්‍රවිධ හමුදාවට බලය ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මීට දින කිහිපයකටද පෙර වැලිපිල්ලෑව ප‍්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයේදී යතුරු පැදිකරුවෙකු එම මාර්ග බාධකයේ සිටි නාවික හමුදා සාමාජිකයෙකු අනතුරට පත් කර පලා ගොස් තිබූ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. පසුව සැකකාර පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.