Wednesday, April 24, 2024

General line - 0115112241

ඉරානයට අනතුරු අගවමින් අමෙරිකානු යුද නෞකාවක් මැදපෙරදිගට




යුද නෞකාවක් සහ බෝම්බ හෙළීමේ කාර්ය සාධන බලකායක් මැදපෙරදිග කලාපය වෙත යැවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. 

ඒ, ඉරානය සමග මතුවෙමින් ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේයි. අමෙරිකාව, මැදපෙරදිග මෙහෙයුම් කලාපයට එලෙස යොමුකර ඇත්තේ යූ. එස්. එස් ඒබ‍්‍රාහම් ලින්කන් නමැති ගුවන් යානා ප‍්‍රවාහනය කළ හැකි නෞකාවක්. 

ආරක්‍ෂණ මිසලයිල පද්ධතියක්ද මෙම කලාපයේ පිහිටුවීමටයි අමෙරිකාව තීරණය කර ඇත්තේ. ඉරාන රජයට පණිවිඩයක් ලබාදීමේ අරමුණින් එය කි‍්‍රයාමාර්ගය ගෙන ඇති බව අමෙරිකාව පවසනවා. 

2015 වසරේදී ලෝක බලවතුන් සමග ඉරානය ඇතිකර ගත් න්‍යෂ්ටික එකඟතාවන්ට අදාළ කොන්දේසි අත්හැර දැමීම හේතුවෙන් ඉරාන රජය සහ අමෙරිකාව අතර මෙම අර්බුදය හටගෙන තිබෙනවා.