Thursday, April 25, 2024

General line - 0115112241

අයර්ලන්තයේ දැවැන්ත ඉලක්කය කොදෙව්වන් පහසුවෙන් ජය ගත් හැටි

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (11) පැවැති තරගයකදී පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ඒ, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුළු 05ක ජයක් වාර්තා කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 05ක් දැවී ලකුණු 327ක් රැස් කළේ කොදෙව් කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම සිය ඉනිමේ තවත් පන්දු 13ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය සුනිල් ඇම්බි‍්‍රස් එහිදී පන්දු 126කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.