Friday, March 29, 2024

General line - 0115112241

පුද්ගලයෙක් අත්අඩංගුවට - හලාවතට පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරුව දක්වා (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




සමාජ මාධ්‍ය ජාල වෙත ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මේ අතර හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි, හෙට (13) උදෑසන හය දක්වා හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

 

-----------------------

හෙට පෙරවරු හය දක්වා හලාවතට පොලිස් ඇඳිරි නීතිය (UPDATE)

(12-05-2019 12:51)

 

හලාවත නගර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ හෙට (13) පෙරවරු 6.00 දක්වා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

------------------------

නැවත දැනුම් දෙන තුරු හලාවතට පොලිස් ඇඳිරි නීතිය

(12-05-2019 12:47)

 

වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

යළි දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.