Friday, April 19, 2024

General line - 0115112241

අයි පී එල් අවසන් තරගයේදී ක්‍රීඩකයින් තිදෙනෙකු වාර්තා පොතට

තරංග රුක්ෂාන් ජයසේකර




අද (12) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් තිදෙනෙකු වාර්තා පොත් අතරට එක්වනවා. ඒ, වැඩිම වාර ගණනක් අයි පී එල් අවසන් තරගයකට සහභාගී වූ ක්‍රීඩකයින් ලෙසයි.

එම අවස්ථාව උදා වී ඇත්තේ මුම්බායි නායක රෝහිත් ශර්මාට මෙන්ම චෙන්නායි කණ්ඩායමේ හර්බජාන් සිං සහ අම්බති රයිදු යන ක්‍රීඩකයින්ටයි. අයි පී එල් ක්‍රිකට් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්, අවස්ථා 03 බැගින් අවසන් මහා තරගයට සහභාගී වී ඇති බැවින් අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද වැඩිම වාර ගණනක් ශූරතාව දිනු කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්වනවා.