Thursday, April 25, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය කැලඹු ගල්කිස්ස හමුදා මෙහෙයුමේ සම්පුර්ණ විස්තරය මෙන්න (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (11) යුධ හමුදාව සහ පොලිසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන වීඩියෝව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා. 

එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම මෙහෙයුම ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් කොටුකර ගැනීමේ මෙහෙයුමක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

යම් කිසි විදේශීය රටකට අයත් මුදල් වර්ගයක් නීතිවිරෝධී අයුරින් මෙරට මුදල් වලට හුවමාරු කිරීමේ ජාවාරමක් සම්බන්ධයන් යුධ හමුදාවට ලැබී තිබු තොරතුරක් සම්බන්ධයෙන් කොළඹ දකුණ පොලිස් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග එක්ව මෙම මෙහෙයුම සිදුකරනු ලැබූ බවයි පොලිසිය සදහන් කර සිටියේ.

එහිදී උපාය දුතයෙක් යොදවා අදාළ විදෙස් මුදල් තොගය ගල්කිස්ස ප්‍රදේශයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා සමග අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුගෙන් ලද තොරතුරු මත කළුතර, කිරුළපන සහ කොහුවල ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් සහ කාර් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් මුදල් වල වටිනාකම රුපියල් 48,700ක් ලෙස සටහන්ව ඇති අතර එහි මෙරට වටිනාකම මිලියන 2.5ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

මෙම විදෙස් මුදල් නෝට්ටුවල වලංගු භාවය සහ එම මුදල් මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබද හා මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇත්ද යන්න ගැන පොලිසිය මෙහිදී විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.