Thursday, March 28, 2024

General line - 0115112241

ත්‍රස්ත සංවිධාන 11ක් තහනම් කරන්න පකිස්ථානය තීරණය කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන බවට චෝදනා එල්ල වී ඇති සංවිධාන 11ක් තහනම් කිරීමට පකිස්තානය තීරණය කර තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. මෙම සියලු සංවිධාන පකිස්තානයේ ක්‍රියාත්මක “ජයිස් ඊ මොහොමඞ්” නම් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන බවටයි අනාවරණ වී ඇත්තේ. “ජයිස් ඊ මොහොමඞ්” සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉකුත් මැයි මස පළමු වනදා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබුවා. 

කාෂ්මීර දේශ සීමාවේ පිහිටි පුල්වාමා ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙකුට මරු කැඳවමින් ඉකුත් පෙබරවාරී මාසයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේද මෙම සංවිධානයයි.