Thursday, April 25, 2024

General line - 0115112241

පාසලක හෝ හෝටලයක බවට සැක සිතියමක් සමග සැකකාරියක් අත්අඩංගුවට  

ඉෂාර සුපෙම් මානගේ




පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අන්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී RPG උණ්ඩ වලට යොදන ටේල් කොටස් 01ක්, මෝටාර් උණ්ඩවලට යොදන ටේල් කොටස් 04ක්, කාලතුවක්කු උණ්ඩ හිස් කොපු 01ක්, පාසලක හෝ හෝටලයක යැයි සිතිය හැකි සිතියම් 01ක්, T56 බ්ලැන්ක් උණ්ඩ හිස් කොපු 17ක් සහ T56 උණ්ඩ හිස් කොපු 32ක් ද සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ වැටලීම සිදු කර තිබුණා.