Saturday, April 20, 2024

General line - 0115112241

බටහිර අපි‍්‍රකාවට අයත් රටක කතෝලික දේවස්ථානයකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බටහිර අපි‍්‍රකාවට අයත් රටක් වන බර්කිනා ෆාසෝ රාජ්‍යයේ ඩබ්ලෝ නගරයේ පිහිටි කතෝලික දේවස්ථානයකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප‍්‍රහාරය සඳහා පැමිණ තිබුණේ 20 දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක්.

ඊයේ පැවැති ඉරුදින දේවමෙහෙය අතරතුරදී දේවස්ථානයට කඩා වැදුනු ඔවුන් එහි යාඥා කරමින් සිටි බැතිමතුන් වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.

වෙඩි තැබීමක් සමග දේවස්ථානය තුළ සිටි පිරිස දිව ගොස් ඇති නමුත්, පුද්ගලයින් 06 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතරට දේවමෙහෙය සිදු කරමින් සිටි පියතුමන් ද අයත්. ප‍්‍රහාරයෙන් පසුව සන්නද්ධ ත‍්‍රස්තයින් පිරිස දේවස්ථානයට ගිනිතබා තිබෙනවා. 

දේවස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව සන්නද්ධ පිරිස නගරයේ පිහිටි ගොඩනැගිලි කිහිපයකටද ගිනි තබා ඇතැයි සඳහන්. ඒ අතර සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද වනවා. ඉකුත් සති 05 තුළදී බර්කිනා ෆාසෝ රාජ්‍යයේ පිහිටි කතෝලික දේවස්ථාන 03ක් ඉලක්ක කර මෙලෙස ප‍්‍රහාර එල්ල කෙරුණා. ප‍්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ රට තුළ කි‍්‍රයාත්මක ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වෙතයි. පවතින තත්ත්වය හමුවේ පාසල්වල ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.