Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගනී




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කරමින් පළමු ටෙස්ට් තරගය ලකුණු 106 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

දෙවන ඉනිම වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 161 ක් පමණයි.

ඕස්ටේ‍්‍රලියානු පසුපෙළ පිතිකරුවන් සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට උත්සාහ කළද ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුයේ නැහැ.

9 වන කඩුල්ල ලෙස පීටර් නෙවිල් මීට නොබෝ වේලාවකට පෙර දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුලු රකින දිනේෂ් චන්දිමාල්ට උඩ පන්දුවක් ලබාදීමෙන්. සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමේ උත්සාහයක නිරත වූ ඔහු පන්දු 115 කට මුහුණදි ලකුණු 9 ක් රැස්කර ගත්තා.

නෙවිල් සහ ස්ටීව් ඕ කෙෆී දිගු වේලාවක් 9 වන කඩුල්ල ආරක්‍ෂා කර ගනිමින් පන්දුවට පහරදුන්නා. පන්දු 178 කට මුහුණදුන් එම පිතිකරුවන් දෙදෙනා ලකුණු 4 ක් පමණක් රැස් කිරිමද විශේෂත්වයක්.

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 10 වන කඩුල්ල ලෙස ස්ටීව් ඕ කෙෆී ලකුණු 4 කට දැවී ගියා.